Sunday, January 4, 2015

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග - ඡායාරූප





අද ලිපියෙන් කතා කරන්න සූදානම් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග(sexually transmitted diseases) පිළිබඳවයි.ඔබත් මෙවැනි රෝගයකින් පෙළෙන්නේ නම් පහත ඡායාරූපවල පෙන්වන තරම් රෝගයන් උත්සන්න වීමට මත්තෙන් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.




  • ලිංගික ඉන්නන් (Genital warts)



ලිංගික සංසර්ගයේදී සිදුවන චර්මීය ස්පර්ශයන් ඔස්සේ ඇතිවන ලිංගිකව සම්ප්‍රේෂණය වන  රෝගයක්  ලිංගික ඉන්නන් හැඳින්විය හැකිය.මෙම ලිංගික ඉන්නන් හෙවත් මානව පැලිලෝමා වෛරසය (HPV - Human Papilloma Virus) නිසා හටගනියි.මෙම රෝගයේ මාදිළි කිහිපයක් තිබෙන නිසා ඒ සෑම මාදිලියක්ම මෙම ලක්ෂණ(ලිංගික ඉන්නන්)නොපෙන්වයි.මෙම ලිංගික ඉන්නන් යෝනියේ පිවිසුමේ සිට අභ්‍යන්තරයටත්,ගැබ් ගෙලේත්,ශිශ්නයේත්,ගුදය අවටත් වර්ධනය විය හැකිය.ඉන්නන් පැතලි මෘදු වන අතර යන්තම් ඉහලට නැගී සිටියි.මල් ගෝවා හැඩැති ඉතා කුඩා රෝස හෝ සුදු පැහැති ඉදිමුම් ලෙස ඇතිවේ.



  • ලිංගික විසප්පු(හර්පිස්) (Genital herpes)


හර්පිස් (Genital herpes) යනු චර්මීය ස්පර්ශයන් නිසා බෝවන චර්ම රෝගයකි.සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී මෙය බෝවිය හැකිය.මෙම රෝගය ලිංගික ප්‍රදේශ සහ ගුදය ආශ්‍රිතව කැසීම් පුපුරුගහනවා වැනි වේදනාවක් ඇති කරයි.එසේම  සැරව ගලන කුඩා බිබිල ඇතිවී ඒවා පැලී වේදනා ගෙන දෙයි.මෙම පිපිරී ගිය බිබිලි ඔස්සේ මුත්‍රා ගලා යෑම නිසා වේදනාවක් ඇතිවේ(විශේෂයෙන් ගැහැණුන්ගේ ).හර්පිස් නිසා ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ හිසරදය,පසුපස කොටසේ වේදනාව සහ ප්‍රතිශ්‍යාව  (ඉදිමුණු කුද්දටි සහ උණ )



  • Crabs, scabies and molluscum contagiosum


Crabs, scabies and molluscum contagiosum ආදිය ඇත්තටම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස නොසැලකිය හැක්කේ ඒවා චර්මීය ස්පර්ශයන් නිසා හටගන්නා නිසාය.නමුත් මෙය ලිංගික එක්වීමකදී බෝවිය හැකිය.

Crabs හෝ යූනික උකුණන් යනු ඉතා කුඩා පරපෝෂිතයන් වන අතර උන් සම තුල ගුල් සාදාගෙන රුධිරය මත යැපෙති.මොවුන් රළු රෝම වල එනම් බොහෝවිට යූනික රෝමවල ජීවත් වෙන මුත් කිහිල්ලේ රෝම ,මුහුණේ රෝම සහ ඇහිපිහාටු ආදී ස්ථානවලත් ජීවත්වන බව සොයාගෙන තිබේ.

scabies ,ස්කෙබිස් හෙවත් හොරි තදබල ලෙස කසන ස්පර්ශයෙන් බෝවෙන පරපෝෂිත ගුල්ලෙක් නිසා ඇතිවේ.සමේ ඇතිවන පලු/කුෂ්ඨ මෙම ගුල්ලන්ට උන්ගේ බිත්තර සහ අසූචි වලට  ආසාද්මිකතාවයක් දක්වයි.

Molluscum contagiosum/MCV හෙවත් දියර ඉන්නන් මුතු ඇටයක හැඩය ගත් ඉදිමුම් ලෙස සමේ ඇතිවේ.මෙම ඉදිමුම් සුදු පැහැ දියරයකින් පිරී පවතින ස්පර්ශයෙන් බෝවන ඒවාය.බොහෝවිට දරුවන්ගේ ඇතිවේ.විශේෂයෙන් දදද සමග සිටින අය තුල.



  • සුදු බින්දුම/ගොනෝරියාව(Gonorrhea)


සුදු බින්දුම/ගොනෝරියාව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආසාදනය කරන රෝගයකි.මෙය ගැබ් ගෙල,මුත්‍රාමාර්ගය,ගුද මාර්ගය,ගුදය සහ ග්‍රීවය ආදී ස්ථාන වල ඇතිවේ,නමුත් සමහරක් පුද්ගලයන් සුදු බින්දුම ආසාදනය වී තිබුණත් එහි ලක්ෂණ පිළිබඳව අත්දැකීම් රහිතය.
කාන්තාවන්ගේ යෝනියෙන් දියරයක් වෑස්සෙයි ,මුත්‍රා කිරීමේදී හෝ මළ පහ කිරීමේදී ප්‍රබල වේදනාවක් ඇතිවීම කාන්තාවන්ගේ සිදුවේ.පිරිමින්ගේ ශිශ්නවලින් සුදු හෝ කහ පාට දියරයක් ගලායයි.මුත්‍රා කිරීමේදී සහ මළපහ කිරීමේදී දැඩි වේදනාවක් ඇතිවේ.



  • ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිශ්නයේ ගැටිති/බිබිලි(Sebaceous glands ,penile papules)


ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිශ්නයේ ගැටිති ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස වරදවා වටහා ගත් ඒවාය.ඒවා ලිංගිකව සම්ප්‍රේෂණය නොවන රෝග වේ.ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි සාමාන්‍යයෙන් රෝම කූප වලට සම්බන්ධ වී තිබෙන අතර රෝම රහිත ප්‍රදේශ වලද ඇතිවේ.මේවා පලු සහිත ස්වභාවයක් ඇති කරයි.
මුතු වැනි ශිශ්නයේ ඇතිවන බිබිලි ලිංගික ඉන්නන් ලෙස වරදවා වටහා ගන්නා මුත් ඒවා පිරිමින් වැඩිදෙනෙක් තුල වෙනස් ආකාරවලින්  හමුවේ.බිබිලි ශිශ්නයේ හිස කොටසේ එහි සමේ වර්ණයෙන්ම කුඩා බුබ්බුලාකාර ඉදිමුම් ලෙස දක්නට ලැබේ.



  • සිෆිලිස්/උපදංශය(Syphilis)


උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇතිවේ(ඒවා නමින් හඳුන්වයි )මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි.මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇතිවේ.පිරිමින්ගේ ශිශ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇතිවේ.
දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ  ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම,ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි.මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත්වේ.එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇතිකරයි.
- See more at: http://welapot.blogspot.com/2014/09/blog-post_12.html#sthash.Mi0QHfm9.dpuf

Saturday, January 3, 2015

ලිංගික විකෘතීන්

 උපතේදී කිසිවෙකු ගැහැණු හෝ පිරිමි වශයෙන් නම් කෙරෙන්නේ ඔහුට හෝ ඇයට උරුම වූ බාහිර ලිංගික ලක්ෂණ අනුවය.උපතින් පසුව ගෙවෙන පළමු වසර කිහිපය තුළ දී හැසිරීමෙන් ද  දෘශ්‍යමාන වනුයේ ඔවුන්ට අදාල සාමාජීය ලිංගිකත්වයයි. එනම් තමන් පිරිමියෙකු හෝ ගැහැණියකයැයි තමාටම හැඟෙන ස්වභාවයයි.ලිංගිකත්වය තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වනුයේ සිරුරේ සෛලවල පවතින වර්ණදේහ ආකෘතියයි.ජීවී සෛලයක අලිංග වර්ණදේහ යුගල 22ක් ද ලිංග වර්ණදේහ යුගලයක්ද පවතියි.ලිංග වර්ණදේහ වලින් ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරයි.ලිංග වර්ණ දේහ යුගල XX ලෙස පිහිටි විට ස්ත්‍රියක් ද  XY ලෙස පිහිටි විට පුරුෂයෙක් ද වේ.ලිංග වර්ණදේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද,බාහිර ලිංගික ලක්ෂණ ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස් ආකාරයකට පිහිටීමේ ඉඩක් නැත්තේ ද නොවේ.මෙහිදී ලිංගිකත්වය පිරිමි වන විට බාහිර ලිංගික අවයව ගැහැණු ලෙස පිහිටීමත්,ලිංගිකත්වය ගැහැණු වනවිට බාහිර ලිංගික අවයව පිරිමි ස්වරූපයකට සමීපව පිහිටීමත් සිදු විය හැකිය.

                හර්මැප්‍රෙඩයිට් (Hermaphrodite) හෙවත් ද්වීලිංගික අවස්ථාවක් පිළිබදව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.මේ අවස්ථාව සත්‍ය ද්වීලිංගික (True Hermaphroditism) හෝ ව්‍යාජ ද්වීලිංගික (Pseudo Hermaphroditism) ලෙස දෙයාකරයක් ඇත.සත්‍ය ද්විලිංගිකතාවය අවස්ථාවේ පසුවන්නෙකු ගේ ගැහැණු හා පිරිමි ලිංගික පටක දෙවර්ගයම පවතියි.එනම් එම පුද්ගලයා ඩිම්බ කෝෂ සහ වෘෂණ යන දෙවර්ගයේම පටක සහිත අයෙකි.ව්‍යාජ ද්විලිංගිකතාවය අවස්ථාව තවත් දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඒ ව්‍යාජ පිරිමි ද්ව්ලිංගිකතාවය (Male Pseudo Hermaphroditism) සහ ව්‍යාජ ගැහැණු ද්විලිංගිකතාවය (Female Pseudo  Hermaphroditism) යන අවස්ථා ලෙසයි.

          ව්‍යාජ පිරිමි ද්විලිංගික අවස්ථාවේ පවතින ලිංගික පටක වන්නේ වෘෂණ හෙවත් පිරිමි ලිංගික පටකයි.එහෙත් බාහිර ලිංගික අවයව දැක්වෙන්නේ ගැහැණු ස්වරූපයෙනි.මෙලෙස ගැහැණු බාහිර ලිංගික අවයව පිහිටියද අභ්‍යන්තර ගැහැණු ලිංගික අවයව පිහිටීමක් සිදු නොවේ.මෙම අවස්ථාවේ බාහිරව පෙන්නුම් කරන්නේ හොඳින් වැඩුණු හා ආකර්ෂණීය ගැහැණු ස්වරූපයකි.පවතින වර්ණදේහ ආකෘතිය වනුයේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XY ආකාරයේ ලිංග වර්ණදේහ යුගලකි.ව්‍යාජ ගැහැණු ද්විලිංගික අවස්ථාවේ දී ලිංගිකත්වය ගැහැණු ලෙස තීරණය වන්නේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XX ලෙස පිහිට් ලිංග වර්ණදේහ යුගල මගිනි. එහෙත් බාහිර ලිංගික අවයව පිරිමි ලිංගික අවයව වලට සමීප වන මුත් අභ්‍යන්තරිකව ගැහැණු ලිංගික පටක හෙවත් ඩිම්බ කෝෂ පිහිටයි.මේ අවස්ථාව ඇතිවීමට "ඇන්ඩ්‍රොජන්" හෝමෝනය අධිකව නිපදවීමේ තත්ත්වයන් බලපෑ හැකිය.

මීට අමතරව ලිංග වර්ණදේහ අඩු වැඩි වශයෙන් පිහිටීම නිසාද ලිංගිකත්වය නිර්ණය  කල නොහැකි අවස්ථාවන් ඉස්මතු වේ.




                 ටර්නර්ස් සහලක්ෂණය යනු ඉන් එක් අවස්ථාවකි. මෙහිදී ලිංග වර්ණ දේහ යුගලක් වෙනුවට එක්  X වර්ණදේහයක් පමණක් පිහිටයි.මෙහිදී බාහිර ස්වරූපය ගැහැණු වේ.නමුත් මොවුන්ගේ ඩිම්බ කෝෂ අසම්පූර්ණ වර්ධනයක් සහිතය.




                 ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය මෙබදු තවත් අවස්ථාවකි.මෙහිදී XX ලිංග වර්ණදේහ යුගලට අමතරව Y වර්ණදේහයක් පිහිටයි.එනම් XXY ආකාරයකි.මෙවැනි ව්කෘති සහිතව ඇතිවන පුද්ගලයින්ගේ බාහිර ස්වරූපය පිරිමියෙකු ලෙස පෙනෙයි. නමුත් ඔවුන්ගේ පියයුරු විශාලය,රෝම වර්ධන අඩුය,වෘෂණ කුඩාය.ශුක්‍රාණු නිපදවුවද මොවුන් වඳය.තවත් මානසික වර්ධනයද අඩුය.නිතර කැළඹුණු ස්වභාවයකින් පසු වේ.

මෙවැනි අසාමාන්‍යතාවයන් හඳුනාගැනීමට වර්ණදේහ පරීක්ෂාවක් සිදු කරයි.


                                                                       -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ ලිපියක් ඇසුරින්.
- See more at: http://welapot.blogspot.com/2014/04/blog-post_25.html#sthash.f0z7pakT.dpuf

Thursday, January 1, 2015

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
පිරිමියකු විසින් වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් විවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය.
එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.


සුව නින්දක් ලබන්න
පැය 07 -08 නින්දෙන් දවසකට ලැබීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ශිෂ්ණ සෞඛ්‍යට ද යහපත්ය

සැන ගංචුව (සිප් එක) ගැන සැලකිලිමත් වන්න
කලිසමේ ඉදිරි විවරය දැන් වසන්න ඇත්තේ බොත්තම් යොදාගෙන නොව “සිප්” එකක ආධාරයෙනි. කලිසම අඳින විට මෙන්ම එය ලෙහෙන විටද මෙම “සිප්” එක එහා මෙහා කිරීමට ඔබට සිදුවේ. මේ කාර්යයට ඔබ කොතරම් හුරුව ඇත්ද කිවහොත් එසේ කිරීමේදී කිසිදු සැලකිල්ලක් හෝ සිතීමක් හෝ නොකරන තරම්ය.
කලබලයෙන් හා නොසැලකිල්ලෙන් “සිප්” එක වහන, අරිනවිට එය සමේ දැවටිය හැකිය මෙය මහත් වේදනාවක් ගෙනදෙනවා පමණක් නොව, ලැජ්ජාව නිසා කිසිවෙකුට කීමටවත් නොහැකි දෙයකි. ඔබ කළයුත්තේ එම ඉන්ද්‍රියය ඇද ඒ දිශාවට විරුද්ධ පැත්තට සිප් එක එකවරම ආපසු ඇදීමය.
එය අසාර්ථක වුවහොත් සිප් එක, එහා මෙහා කර තත්ත්වය තවත් අවුල්කර නොගෙන ලේ ගැලීමක් ඇත්නම් බැන්ඩේජ් හෝ පිරිසුදු රෙදි පටියකින් හෝ ඔතාගෙන වෛද්‍යවරයෙකු වෙත යෑම කළ යුතුය. සාමාන්‍යයෙන් සිප් එකට හසුවන්නේ සම පමණක් නිසා එයට බරපතළ හානිවිය නොහැකිය. වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධ ආධාරයෙන් සිප් එකෙන් එය මුදා ගනු ඇත.
අද සිට කලිසම ඇඳීමේදී විශේෂයෙන් “සිප්” එක දැමීමේදී හෝ ඇරීමේදී හෝ පරෙස්සම් වීමට මතක තබා ගන්න.

මුත්‍රා කිරීමේදී සැලකිලිමත් වන්න
උදෑසන අවදිවන විට එය ඍජුව ඇත්නම්, මුත්‍ර කිරිමට ගොස් එය දැඩිලෙස පහත් කිරීමට, පහළට නැඹුරු කිිරීමට උත්සාහ නොකරන්න.
මුත්‍රා කිරීමට හෝ ඇඳුමක් ඇඳීමට හෝ ඍජුවූ එය පහතට තෙරපීම නිසා උකුල් ප්‍රදේශයේ යුනීක අස්ථියට එය සම්බන්ධ කරන සහ එය ඍජුවීමට අවශ්‍ය ඇදීම ලබාදෙන දිග ඛණ්ඩරාවන් දෙකට හානිවිය හැකිය. එය පසුව ඍජුවීමට බාධාවක් වීමට ඉඩතිබේ. මෙවැනි විටෙක ඔබ කළ යුත්තේ එය ඍජු බව මඟ හැරෙන තෙක් ඉවසා සිටීම පමණය.


දියවැඩියාවෙන් මිදෙන්න
දියවැඩියාව ධමනි රුධිර නාල හැකිළීම වේගවත් කරවන අතර ස්නායු ඔස්සේ කෙරෙන සම්පේ‍්‍රෂණ අඩපණ කරයි. මෙම තත්ත්වය මෙයට විශාල වශයෙන් බලපාන අතර ලිංගික අප්‍රාණිකත්ව ඇති වේ.

පවිත්‍රව තබාගන්න

ශිෂ්ණ මුණ්ඩය (හිස) වසා ඇති පෙරසම අපවිත්‍ර ද්‍රව්‍ය රැඳිය හැකිය. (මුත්‍ර, ස්නේහක ස්‍රාව, ශුක්‍ර තරලය, මළ සෛල කොටස් සබන්, දුවිලි ආදී) මෙම ද්‍රව්‍ය එකතුව “ස්මෙග්මා” ලෙස හැඳින්වෙන ගඳ ගසන ද්‍රව්‍යය නාන විට හා ඇඟ සෝදනවිට සෝදා ඉවත් නොකළහොත් අහිතකර ලෙස බලපෑම් ඇති විය.

දුම්පානය “කෙටි” කරයි

රුධිර නාලවලට හානි සිදුකිරීමට දුම්පානය සමත්වීමය. එය පමණක් නොව දුම්පානය හේතුකොට ශිෂ්ණ පටලවලට හානිසිදුවී එහි ඇදෙන සුළු බව අඩුකිරීමක්ද සිදුවන බව සොයාගෙන ඇති බැවින් එහි ප්‍රමාණය දිගින් අඩුවිය හැක.

තද යට ඇඳුම් ඇඳීමෙන් වළකින්න

ඉතා තද යට ඇදුම් ඇඳ මෙය සිරකර නොතබන්න. කෘත්‍රීම රෙදි වලින් නොව කපු රෙදි වලින් තැනූ ඇදුම් ඇඳීම වඩා යහපත්ය. ඒවා දහඩිය උරා ගන්නා බැවින් ඒ අවට ප්‍රදේශයේ දිලීර ආසාදන ඇතිවීමද වළක්වයි.

අත්හදා බැලීම් ප්‍රවේශමෙන්

නව ක්‍රම අත්හදා බැලීමට යාමේදී ‘ශිෂ්ණ බිඳීම්’ ඇතිවිය හැකි බව මතක තබා ගන්න. දැඩි වේගයකින් හා තෙරපුමකින් යුතුව සිදුකළහොත් එවැනි බිඳීමක් ඇතිවීමට ඉඩ ඇත.

අනියම් සබඳතා
තම විවාහක බිරිඳ හැර අන් කාන්තාවන් සමඟ සබඳතා පැවැත්වීම නිසා සම්ප්‍රේෂණය වන එච්. අයි. වී. උපදාංශක, ගොනෝරියාව, හර්පීස්, වැනි ලිංගාශි‍්‍රත රෝග ඇතිවීමටද පුළුවන.

එළිමහනට අකමැතිය
හිරුගේ පාරජම්බුල කිරණ වැදීම නිසා මෙහි සම ඝනවීමටත්, එහි ලප මතුවීමටත් හැකියාව ඇති අතර සංවේදීතාවද අඩු කරයි.

ස්වභාව ධර්මයේ සුවය විඳීම පරෙස්සමෙන්

නිරුවතින් බිම වැතිරුණහොත් (ස්වභාවධර්මයට කැමති සමහරු එසේ කරති) ඒ බිම පැවතිය හැකි අසාත්මිකතා ඇතිකළ හැකි ශාක, පත්‍ර, මල්, පරාග ආදී දේ ශිෂ්ණයේ තැවරී මහා විනාශයක් කළ හැකිය. එම ප්‍රදේශය ප්‍රසිද්ධියේ කැසීමට නොහැකි පළාතක් බව අමතක නොකරන්න.

භාවිතා කරන ස්නේහක ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න
ලිංගික කාර්යය වඩා සාර්ථක වීම සඳහා ස්තී‍්‍ර පුරුෂ එක්වීමට පෙර ‘කේ - වයි ජෙලි’ වැනි ස්නේහකාරකයක් ශිෂ්ණයේ ගැල්වීමට සමහරු හුරුව සිටිති. එම ඇසුරුම ඉවර වූ විට හෝ සොයා ගැනීමට නොහැකි වූ විට හෝ හිස ගල්වන ජෙල්, මුහුණේ ආලේප කරන ක්‍රීම් හා විවිධ තෙල්වර්ග ආලේප කිරීම නොකළ යුතුය.

යමක් තදින් වැදීමට ඉඩ නොදෙන්න

ශිෂ්ණය ඉතා සුමට ඉන්ද්‍රියයකි. ක්‍රීඩකයන් එය ආරක්ෂා කිරීමට කොතරම් උත්සාහ ගන්නේද?
බෝලයක් පමණක් නොව අත් හෝ පා හෝ පහරක් වැඳිම, යමක තදින් වැඳීම හෝ හැපීම හෝ ගැටීම හෝ එය ශිෂ්ණය ඍජුවන විට රුධිරයෙන් පිරෙන කුටීර වන කාබනික දේහ පුපුරා යා හැකිය. මෙහිදී ඇතිවන ඇදෙන සුළු බවට ලිංගික බෙලහීනතාවය ඇතිවීමට හේතු විය හැකියි.

ව්‍යායාම කරන්න
ධමනි නාල තුළ මේදය තැන්පත් වීම ඇඟෙහි අනෙක් ප්‍රදේශවල මෙන්ම ශිෂ්ණ රුධිර නාල තුළද සිදුවෙයි. ඔබ ව්‍යායාම ගතහොත් (මිනිත්තු 45ක කාලයක් වේගයෙන් ඇවිදීම, මිනිත්තු 20ක් සෙමෙන් දිවීම ආදී ව්‍යායාමයත් සතියකට දවස් 04ක් 05ක්) රුධිර නාල තුළ ඇති මේදය දියවී රුධිරය ගැලීම පහසු කරයි.

ඈනුම් ඇරීම යහපතක්
මොළයෙන් නිකුත්වන නයිට්රික් ඔක්සයිඩ් නම් රසායනිකයක් ශිෂ්නය ඍජුවීම සහ ඈනුම් ඇරීම යන සිද්ධීන් දෙකම පාලනය කරයි. මෙම රසායනිකයට නියුරෝග දිගේ ගමන්කර වුව විවරකර, හුස්ම ගැනීම සැලැස්වීමට (ඈනුම් ඇරීම) හෝ සුසුම්නාව (ප්‍රධාන ස්නායුව) වන්නේ රුධිරනාල කරා ගමන් කිරීමට හෝ හැකිය. සමහර විට එකවරම මේ ක්‍රියා දෙකම සිදුවීමටත් පුළුවන. මේ නිසා දවසකට කිහිපවාරයක් ඈනුම් ඇරීම තුළින් දිවෙන ස්නායු රසායනික මාර්ග විවෘත කළ හැකි වන බවට විද්‍යාඥයෝ තර්ක කරති.

ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!


ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?

ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.

ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ඇහැ ගැටුණු එක ප්‍රවෘත්තියක් නිසා ඒ මගේ බයට යම්කිසි පදනමක් තියෙනවාය කියලයි දැන් මට හිතෙන්නේ.

අද කතන්දර දැනුම් සාගරේ සීරීස් එක යටතේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට මේ ලියන්න යන්නේ ඒ නිවුස් අයිටම් එකේ විස්තරයයි.

මෙන්න මං බලපු පත්තර කෑල්ල.



වැඩි විස්තර මෙතනින් බලන්න.
http://www.dailymail.co.uk/health/article-2117220/Captains-chair-The-exercises-likely-YOU-orgasm.html

දැන් මෙන්න ඒ නිවුස් අයිටම් එකේ සරල සිංහල පරිවර්තනයක්.

"ව්‍යායාම කරන අතරතුරේ දී නිරුත්සාහයෙන්ම ලිංගික සුරතාන්ත තෘප්තිය ලබන කාන්තාවන් ගැන කෙරෙන අධ්‍යයනයක් සඳහා සති පහක් ඇතුලත එවැනි අත්දැකීම් ලබා ඇති කාන්තාවන් 370 දෙනෙක්ම විස්තර දී තිබේ. එයින් පෙනෙනුයේ මෙය බහුලව සිදුවෙන සංසිද්ධියක් බවයි.

මේ අධ්‍යයනට ලක්කරන ලද සිදුවීම් අතරින් 50%කටම බලපා තිබූ ප්‍රධාන හේතුකාරකය වූයේ බඩ ආශ්‍රිත ව්‍යායාමය. බර ඉසිලීම සහ යෝගී ව්‍යායාම ඊලඟට විය. ගස් නැගීම, කඹ දිගේ ණැගීම, සයිකල් පැදීම සහ එකතැන කැරකෙන ව්‍යායාමයන් ද මේ ආකාරයෙන් නිරුත්සාහයෙන් ලිංගික සුරතාන්තය කාන්තාවන්ට ලබාදුන් අනෙකුත් ප්‍රධාන ව්‍යායාම අතර වෙයි.

මේ අධ්‍යයනය බාරව කටයුතු කරන ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ඩෙබී හර්බෙනික් සොයා ගෙන ඇති ආකාරයට, වයස අවුරුදු 18 සහ 63 අතර සිටි මේ කාන්තාවන්ගෙන් අඩක්ම මේ ලිංගික සුරතාන්තය දහවරකට වඩා අත්විඳ තිබේ.

ව්‍යයාමයක් ලෙස ඇවිදීම ලිංගික සුරාන්තය ලැබීමට හේතුකාරයක් වී ඇත්තේ වාර්තාගත සිද්ධීන්වලින් 10%ක දී පමණි. නමුත් දිවීම නම් මේ කාන්තාවන් 13.3% කට ව්‍යායාමයෙන් ලැබෙන සුවයට වඩා වැඩි යමක් දී ඇති බව පෙනේ."

සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

ඇක්සයිස් කරන සමහර කාන්තාවන්ට ඒකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවාලු. බඩ ආශ්‍රිත ව්‍යායාම කරන කොටයි මේක වැඩිපුරම දැනෙනවාය කියන්නේ. යෝගා ව්‍යායාමත් නරකම නෑ වගේ.

අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?

Sunday, December 28, 2014


හැඳින්වීම

තුන්වන ලිංගය ගැන කතා කිරීමේදී හමුවන සමහර වචන සහ වාක්‍යාංශ ඔබව ව්‍යාකූලත්වයට පත් කරනවා විය හැකිය මෙම ආරම්භක ලිපියෙන් ඔබගේ එම ව්‍යාකූලත්වය යම් තරමකට හෝ අඩු කරාවි යැයි මා සිතමි.



1.Transgendered or TG

                 ට්‍රාන්ස්සෙක්සුවල් (Transgendered) හෝ ටීජී (TG) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ලිංගික හැසිරීමේ සාමාජීය සීමාවන් පිළිගනිමින් විරුද්ධ ලිංගිකයින් සේ හැසිරෙන පුද්ගලයින් වේ.බොහෝවිට සුලභව දකින්නට ලැබෙන්නේ ස්ත්‍රීන් ලෙස  හැසිරෙන පිරිමින්ය.මොවුන් ඇඳුම් සහ වේශ නිරූපණය හරහා තම ලිංගිකත්වය වෙනස් බව පෙන්වීමට උත්සහ දරයි.භෞතිකව තම දේහ ලක්ෂණ වෙනස් කර ගැනීමට ඔවුන් සැත්කම් කරගන්නා අතර හෝර්මෝන වර්ග පාවිච්චි කරයි.

2.Transexual (transsexual) or TS

              ට්‍රාන්ස්සෙක්සුවල් (Transexual) හෝ ටිඑස් (TS) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ තමන් තමන්වම විරුද්ධ ලිංගිකයෙකු ලෙස දකින නමුත් එම ලිංගයට අදාළ භෞතික ශරීරය නොමැති පුද්ගලයන් වේ.ඔවුන්ට ස්ත්‍රී මනසක් සමග පුරුෂ දේහයක් තිබේ.මෙය Male to Female Transexual යන නමින් හඳුන්වයි.(MtF  හෝ MtoF මෙහි කෙටි නාමයන් වේ)

මොවුන් බොහෝවිට කාන්තාවක් ලෙස ජීවිත කාලයම ගතකරන හෝර්මෝන සහ ශල්‍යකර්ම මගින් වැඩි කාන්තා පෙනුමක් අත් කරගන්නා  අතර සත්‍ය ගැහැණුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිය.

pre-op transexual යන යෙදුමේ අරුථ නම් තම පුරුෂ ලිඟුව සමග සිටින transexual පුද්ගලයන් වේ.post-op transexual යනු ශල්‍යකර්මයක්  ඔස්සේ පුරුෂ ලිඟුව ඉවත් කල transexual පුද්ගලයන් වේ.(ශල්‍යකර්මය මගින් පුරුෂ ලිඟුව වෙනුවට  බාහිර ස්ත්‍රී ලිංගික අවයව ලබා දෙයි.- එනම් ව්‍යාජ යෝනියක් ලබා දෙයි )

3.Shemales

                   මෙම යෙදුම කාම චිත්‍රපට කර්මාන්තය තුල සම්භවය ලැබූවකි.මොවුන් transexual යන ගණයට ගැනෙන අතර හෝර්මෝන ලබාගන්නා අතර ස්ත්‍රී පෙනුම ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කර ගන්නා නමුත් තම පුරුෂ ලිඟුව ඉවත් කර නොගනියි.

මොවුන් අන්තර්ජාලය තුල Chick with a Dick ,Ladyboy, Tranny ආදී නම් වලින් හඳුන්වයි

4.LadyBoy

                   තායි වචනයක් වන Kathoey හි ඉංග්‍රීසි පරිවර්තනය ladyboy නම් වේ.තුන්වන ලිංගය පිළිබඳ තායි ජනතාවට ඉතිහාසයක් පවතියි සහ ladyboy යන්න එම විෂම ලිංගිකයින් හැඳිවීමට ඔවුන් යොදාගෙන තිබේ.


5.Cross Dresser or CD

        බොහෝමයක් ට්‍රාන්ස්ජෙන්ඩර් කණ්ඩායම් විරුද්ධ ලිංගික ඇඳුම් අඳින්නන් ගණයට වැටේ.ට්‍රාන්ස්සෙක්සුවල් ප්‍රජාව තුල මෙම විරුද්ධ ලිංගික ඇඳුම් පාවිච්චිය විශේෂ තැනක් ගන්නා අතර ඉන් ඔවුන් ලිංගිකව සතුටක් ලබයි.

මෙහිදී ඔවුන් ස්ත්‍රීත්වය ආත්මීය වශයෙන් හැඟවීමට කොමුපිළි හෝ යට ඇඳුම්( පීවීසි හෝ සම් වලින් නිපදවූ )අඳියි

ට්‍රාන්ස්වෙස්ටිට්(transvestite) සහ ක්‍රොස් ඩ්‍රෙසර් (cross dresser) අතර විශාල වෙනසක් පවතියි.ක්‍රොස් ඩ්‍රෙසර් පොළඹවන්නේ ලිංගිකත්වය ඔස්සේය.එහෙත් ට්‍රාන්ස්වෙස්ටිට් පොළඹවනු ලබන්නේ ප්‍රකාශනය ඔස්සේය.එනම් ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුට ගැහැණියක් ලෙස හැසිරීමට අවශ්‍යතාවයක් නැතුවා සේම ගැහැණියක් සේ හැඟවීම නොකරයි.

6.Transvestite

             ට්‍රාන්ස්වෙස්ටිට්(Transvestite) යනු තම අභ්‍යන්තරික හැඟීම් ඔවුන්ගේ පෙනුම ඔස්සේ පිටතින් පෙන්වන පුද්ගලයන් වේ.ඔවුන් ගැහැණුන් හෝ පිරිමින් වන අතර ස්ත්‍රී හෝ පුරුෂ ලක්ෂණයන් ඇඳුම හරහා ප්‍රදර්ශනය කරයි.
- See more at: http://welapot.blogspot.com/2014/04/blog-post.html?zx=31def047a59c321#sthash.nBWhkqVQ.dpuf